මිනිසුන්ගේ හිත සුව පිණිස ගම් දනව් කරා
සිරි පතුලින් ඔබ වඩියාටද බුදුහාමුදුරුවනේ
අද නැත ගමේ පන්සලේ හාමුදුරුවත්
එදා මිනිසුන් තමන්ට කන්නට ඇති කටු අලයද
නොකා ඔබ පිඬුසිගා වඩින තුරු බලා සිට්යා
මඟ දෙපස බුදු හාමුදුරුවන්ණේ
මිනිසුන් රජ බෝජුන් දනට ගෙන තුරු
ගමේ පන්සලේ හාමුරුවෝත් ආරාමේ වැඩ සිටි
නැත අද පිඩුසිගා වඩින්නේ
බුදු සමයේ ආරාමය පැල් පතක් මෙන් වුවද
මේ සමයේහි ආරමය මාලිගාවකි බුදුහාමුදුරුවනි
එදා නිවනට යන මඟද මිල මුදල් ඔබේ දෑතට
අකැප වුවත් බුදුහාමුදුරුවනේ
අද නැත එම මඟට යන පැවිදි නමට
එය අකැප බුදුහාමුදුරුවනේ
ගිහි අපට වඩා පැවිදි නමක් නිවන් මඟට අද
දුරද මම නොදනිමි බුදුහාමුදුරුවනි.
No comments:
Post a Comment