Followers

Friday, 19 July 2019

අම්මා


   අම්මා


සාමාන්‍ය මිනිසුන් අතර අසාමාන්‍ය මිනිසෙකු ලෙස

මා මෙලොවට බිහි වු දා සිට...

අද වන තුරු අම්මේ නුඹි නෙතින් වැටුණු කඳු`ඵ

සාගරයේ දිය දහරාවට නොඅඩු නොවන බව

මා දැන් දනි...

නමුදු අම්මේ නුඹ නෙතින් වැටුණු කඳු`ඵ

මටද ලොවටද නොපෙනේන පිස දමා

දිරීය මවක වී මා දිරීය දියණියක් කරන්නට

විටක මා සිතින් අඬනා විට මගේ කඳුරැළි පිස දමාන්නට

තවත් විටක මා සිතින් වේදනා විඳින විට මගේ සිත සනසවන්නට

ඵීටක මගේ ජිවිතය නොවටටිනා බව මට දැනු සෑම විට

එයද වටිනා ජිවිතයක් බව හඟවන්නට

බොහෝ විට මා බාධක දෙස දුක්මුසු මුහුණීන් බලන විට

ඒ දෙස සිනා මුසු මුහුණින් බලන්නට

අමිමේ නුඹේ හදවතේත් දෑස්වලත් වචන වලත් මුසු වී තිබු

ආදරය, සෙනහස, කරුණාව, දයාව

කොතරම් ශක්තියක් වුව දැයි කියා නිම කිරිමට වචන නැත මට අම්මේ

සමාන්‍ය මිනිසුන් අතර අසාමාන ලෙස මා ඉපද

සමාන්‍ය මිනිසුන් අතර මට  කිරු`ඵ පළඳවා බලා සිටින අම්මේ

නුඹ උත්තරීත මව් පදවියෙන් එහා ගොස් අති ශ්‍රේෂ්ඨ මවක් වී

ලොවේ ශ්‍රේෂ්ඨ මිනිසුන් අතරට එක් වු බව ලොවට නොරහසකි අම්මේ



Thursday, 18 July 2019

පැවිදි දිවි මඟ




මිනිසුන්ගේ හිත සුව පිණිස ගම් දනව් කරා
සිරි පතුලින් ඔබ වඩියාටද බුදුහාමුදුරුවනේ
අද නැත ගමේ පන්සලේ හාමුදුරුවත්
Image result for images buddhaබණට දනට වත් රියක් නැතුව වඩින්නේ
එදා මිනිසුන් තමන්ට කන්නට ඇති කටු අලයද
නොකා ඔබ පිඬුසිගා වඩින තුරු බලා සිට්යා
මඟ දෙපස බුදු හාමුදුරුවන්ණේ
මිනිසුන් රජ බෝජුන් දනට ගෙන තුරු
ගමේ පන්සලේ හාමුරුවෝත් ආරාමේ වැඩ සිටි
නැත අද පිඩුසිගා වඩින්නේ
බුදු සමයේ ආරාමය පැල් පතක් මෙන් වුවද
මේ සමයේහි ආරමය මාලිගාවකි බුදුහාමුදුරුවනි
එදා නිවනට යන මඟද මිල මුදල් ඔබේ දෑතට
අකැප වුවත් බුදුහාමුදුරුවනේ
අද නැත එම මඟට යන පැවිදි නමට
එය අකැප බුදුහාමුදුරුවනේ
ගිහි අපට වඩා පැවිදි නමක් නිවන් මඟට අද
දුරද මම නොදනිමි බුදුහාමුදුරුවනි.

ලෝකය හා මම




මම ලෝකයාට කතා කරද

ලෝකයා මට කතා නොකරයි
මම ලෝකයා දෙස බැලුවද
ලෝකයා මා දෙස නොබලයි
මම ලෝකයාට ඇහුම් කන් දුන්ද
ලෝකයා මට ඇහුම් කන් නොදති
ලෝකය වේගයෙන් කැරකුනද
මට ලෝකය සමඟ වේගයෙන් කැරකිය නොහැකිය
ලෝකයා සිනාසුනද
මට ලෝකයා සමඟ එකට සිනාසීමට නොහැකිය
ලෝකයා හෙළන හුස්ම පොඳ
මට නිදහසේ හෙළන්නට නොහැකිය 
ලෝකයා මා පැරදුවද
මට ලෝකයා පරදවන්නට බැහැ
නමුදු මට ලෝකයට අර්ථවත් 
මිනිසෙකු විය හැකිය.