Followers
Thursday, 1 August 2019
පරිසරයට වින කර මිනිස්සුන්ට අත් වු ඉරණම
අතිතයේ සිටම මිනිසා හා පරිසරය අතර ඇත්තේ අවියෝජනීය සම්බන්ධතාවයකි.
එදා මිනිසාගේ සියලු අවශ්‍යතාවයන් පරිසරය මත පදනම් නිර්මාණය විය. අතීත මිනිසා පරිසරයට
සංවේදි වෙමින් තම අවශ්‍යතාවයන් ඉටු කර ගෙන තිබේ. එදා ඔවුන්ට තිබුණේ ආහාරපාන, ඇඳුම්
පැළඳුම්, වාසස්ථාන, ආරක්ෂාව වැනි ඉතා සරල හා සිමිත අවශ්‍යතාවයන්ය. මොවුන් පරිසරයේ
සම්පත් උපයෝගී කර ගෙන එම අවශ්‍යතාවයන් ඉටු කර ගෙන තිබේ. පරිසරය විනාශ නොකර
එයට ආදරය කරමින් හා ආරක්ෂා කර ගනිමින් තම අවශ්‍යාවයන් ඉටු කර ගැනිම අතීත මිනිසාගේ
විශේෂවයකි.
වර්ථමානය වන විට මේ තත්වය සම්පුර්ණයෙන්ම වෙනස් වෙමින් පවති. මිනිසාගේ
අවශ්‍යතාවටයන් අද වනවිට සංකීර්ණ වී ඇති අතර ඒවා අසිමිත වී තිබේ. මේ හේතුවෙන් මිනිසාගේ
සියලු අවශ්‍යතාවයන් මුදල් මත පදනම් වී තිබේ. අද වන විට තරඟකාරි වෙමින් අනෙකා අභිබවා
මුදල් ඉපයීම මිනිසාගේ ප්‍රධාන අරමුණ වේ. මෙම අරමුණ පෙරදැරිව ගමන් කරන නුතන මිනිසා තුළ
පරිසර සංවේදිතාව යටපත් වී තිබේ. පරිසරය සමඟ මිනිසා ගනුදෙනු කරන ආකාරය අනුව ඔවුන්
කොතරම් දුරට පරිසරයට සංවේදිට යන අපට ආනාවරණය කර ගැනිමේ හැකියාව පවතී.
මිනිසාගේ අනිසි ක්‍රියාවන් හේතුවෙන් වර්ථමානේ වන විට පරිසරයට සිදුවන හානිය
ගණනය කිරිමට නොහැකිය. වනාන්තර විනාශ කිරිම, විශාල වටිනා ගස් කපමින් දැව ජාවාරමේ
යෙදිම, රක්ෂිත වනාන්තර විනාශ කරමින් අනවසර ඉදිකිරිම් කිරිම, කෑළෑ ගිනි තිබිම වැනි දෑ
මිනිසාගේ අනිසි ක්‍රියාවන ලෙස පෙන්වා දිය හැකිය. මෙහිදී ඔවුන්ගේ ප්‍රධාන පරමාර්ථය වී
ඇත්තේ මුදල් ඉපයීමයි. නමුත් මෙමඟින් සිදු වන පරිසර හානිය අතිවිශාලය. තවද කුඹුරු
ගොඩකිරිම, වැව් ගොඩකිරිම, වැලි ගොඩ දැමිම, නිධන් හැරිම, ජලාශ වලට කුණු බැහැර කිරිම, වායු
දුෂණ, කෘෂි රසායනික ද්‍රව්‍ය භවිතය ආදී මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන්ද පරිසර විනාශයට
අතිවිශාල බලපෑමක් එල්ල කරනු ලබයි. ඒ වගේම පරිසරයයේ ජිවත්වන සතුන්ද තම අරමුණූ සඳහා
පාදක කරගැනිමට වර්ථමානේ මිනිසා පෙළඹි තිබේ. ඒ හේතුවෙන් අදවන විට සත්ව ඝාතනය
සිඝ්‍රයෙන් ඉහළ යමින් පවති.
මේ අන්දමට මිනිසා කලක් තිස්සේ පරිසරයට සංවේදි නොවී ක්‍රියා කරනට විය. මේ
හේතුවෙන් මිනිසාට අත් වී තිබෙන ඉරණම අතිශය ඛේදජනකය. එනම් පරිසරය මිනිසා කෙරෙහි
දැක් වු සංවේදිතාවට ගිලිහෙමින් පවතී. පරිසරය තුළ සිදුවන ස්භාවික විපත් මඟින් පරිසරය මිනිසාට
කොතරම් සංවේදිද යන පිළිබඳව පිළිබිඹු වේ. අද වන විට ගංවතුර, නායයෑම්, නියඟය, සුළී සුලං.
සුනාමි, කුණු කඳු කඩා වැටීම් වැනි ස්වභාවික විපත් සීඝ්‍රයෙන් ඉහළ යමින් පවති. මේ හේතුවෙන්
මිනිසාට අත් වී තිබේන ඉරණම බේදජනකය. එනම් මෙම විපත් මඟින් ජිවිත හානි විශාල වශයෙන්
සිදුවන අතර එහිදී පවුල් පිටින් මිය යන අවස්ථා අපට දැකගත හැකිය. තවද හය හතරක්
නොතේරේන දරුවන්ට පවා මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ පෑවමට සිදු වේ. ඇතැම්
අවස්ථාවලදී දෙමාපියන් නොමැතිව දරුවන් අනාථ වේ. ජිවිත හානි පමණක් නොව ස්වභාව්ක විපත්
හේතුවෙන් දේපළ හානි සිදුුවේ. මෙහිදී මිනිස්සුගේ ගෙවල් දොරවල් යාන වාහන, මිල මුදල්, ඉඩ
කඩම් විනාශ වී ඔවුන් ගේ ඇඳීවත පමණක් ඉතිරි වන අවස්ථා කොතෙකුත් දැකගත හැකිය.
මෙමඟින් ඔවුන්ට හුන් හිටි තැන් අහිමිව අනාථ කඳවුරුවල දුක්බර ජිවිත ගෙවීමට සිදු වී තිබේ. මේ
ආකාරයට මිනිසාට ස්වභාවික විපත් හේතුවෙන් ඉතා අවාසනාවන්ත ඉරණමකට මුහුණ පෑමට සිදු වී
ඇති අතර එය ඛේදනීය තත්වයකි.
තවද නුතනයේ මිනිසා ආහාර නිෂ්පාදනයේ දී බහුලවම කෘෂි රසායනික භාවිතා කරනු
ලබයි. මෙමඟින් ඔවුන්ගේ ප්‍රධාන පරමාර්ථ වී තිබෙන්නේ අස්වැන්න වැඩි කර ගනිමින් මුදල් උපයා
ගැනිමයි. නමුත් මේ තුළින් පරිසරයට විශාල තර්ජනයක් එල්ල කරයි. ගහකොළ වල සාරවත් බව
තැති වී යාම, බෙහෙත් ඖෂධ පැළෑටී සහ ශාක වඳ වීම, ජලය දුෂණය, සතුන් මිය යෑම හා වද වීම
වැනි තර්ජයන් රසායනික ද්‍රව්‍ය හාවිතයෙන් පරිසරයට එල්ල වී තිබේ. එමෙන්ම ප්‍රධාන වශයෙන්
මිනිසා ගන්නා ආහාර කෘෂි රසායනික ද්‍රව්‍ය එකතු වීම හේතුවෙන් පරිසරයට පමණක් නොවේ
මිනිසාට මෙය භාවිතයෙන් අත් වු ඉරණම සු`එ පටු නොවේ’. මේ හෙ ්තුවෙන ් මව් කුස පිළීස ීඳ ගත්
බිළිදාගේ සිට වැඩිහිටි පුද්ගලයා දක්වා රෝගින් බවට පත් වෙන්වෙමින් පවති. එවගේම මිනිසාගේ
ආයු කාලය අඩු වෙමින් පවති. පිළිකා, හෘද රෝග, වකුගඩු රෝග, මී උණ, ශ්වසන ආබාධ, චර්ම
රෝග වැනි විශාල රෝග සංඛ්‍යාවකින් මිනිසා මේ වන පිඩා විදි.
මේ ආකාරයට වර්ථමාන මිනිසා පරිසරයට සංවේදී නොවි එයට වින කරමින් මුදල් පසු පස හඹා
යෑම හේතුවෙන් ඔවුන්ට අත් වු ඉරණම ඉතා අනතුරුදායකය.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment